Tuesday, July 7, 2009

මොකක්ද මේ KVM Switch.......?

මම මේක දාන්න හිතුවේ මෙම උපාංගය සමග මා මුලින්ම වැඩකළ අවස්ථාවක මගේ මිතුරකු කළ උනන්දු කිරීමකට අනුවයි. KVM යනුවෙන් කෙටිකර ඇත්තේ Keyboard,Video(Visual Display Unit),Mouse යන්න සදහායි.මෙම උපාංගය මගින් එක් මොනිටරයක්/මවුසයක්/යතුරු පුවරුවක් මගින් පරිගණක කිහිපයක් හැසිරවිය හැකිය.නමුත් විවිධ වූ පරිගණක මෙහිදී සවිකර ඇත්තේ KVM එකටයි.මෙම ස්ව්චයට විශේෂිතවූ කේබලයකින් උපාංග(මොනිටර/මවුස්/යතුරු පුවරු)සවිකළ යුතුය.සාමාන්‍යයෙන් මෙවා VGA CABLE හෝ USB CABLE වේ.මෙම උපකරණයෙහි ඇති ස්විචයකින් හෝ බොත්තමක් මගින් සමිබන්ධකර ඇති පරිගණක අතර එහා හුවමාරු විය හැක.KVM එක මගින් වැඩකරන විට නිතරම මොනිටරය/මවුසය/යතුරු පුවරුහි සමිබන්ධතාවය පවතින්නේ අප විසින් තෝරා ගෙන ඇති පරිගණකය සමගයි.


KVM Switch යට පරිගනක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සමිබන්ධ කර ඇති විට ප්‍රයෝජනය වන්නේ ඒ එකිනෙක සදහා වෙන වෙනම මොනිටර/මවුස්/යතුරු පුවරු සවිකිරීමට අවශ්‍ය නෙවීමයි.මෙය නිතරම භාවිතාවන ස්ථාන ලෙස දත්ත ගබඩා,සර්වර් කිහිපයක් සවිකර ඇති රාක්ක දැක්විය හැකිය.

සමහර KVM Switch මෙහි අනෙක් පැත්තටද ක්‍රියාකරයි.මෙහිදී එක් පරිගණකයකට මොනිටර/මවුස්/යතුරු පුවරු කිහිපයක් සවිකල හැක.මෙය එතරම් සුළභ දෙයක් නොවුවත‍් යම් කිසි කෙනෙකුට මෙය වැදගත් විය හැකිය.ක්‍රීයාකරවන්නන් කිහිපදෙනෙකුට(ස්ථාන කිහිපයක සිටින) එකම පරිගණකය හා සම්බන්ධ වීමට අවශ්‍ය වූ විට උදා(පිරිස් පාලන මධ්‍යස්ථාන,Telephone Exchange)මෙම සකසුරුවම වැදගත් ‍වේ.